Monday, August 18, 2014


මව්පිය හදක නැගෙන වේදනාව

කෙමෙන්  හිරු පායා
නිල් අඹර දිළෙන්නා
නෙක් කුරුළු කිරිල්ලෝ
ප්‍රීති ගී ගයන්නා

සිනිඳු පා පොඩි තබා
සිඟිත්තිය හිනැහුණා
පිරී ගිය සෙනෙහසින්
මාපියෝ තුටුවුණා

පළමු පාසල් දිනය 
මව් සුරතෙ එල්ලුණා
චූටි දුව තනිකර ම 
මව් ගෙදර ඇදෙන්නා

පියවරෙන් පියවරෙන් 
චූටි දූ ලොකු වුණා
මනාලිය වී සොඳුරු 
ගෙයින් ඈ පිටවුණා

මව පියා තනි වුණා
මතක පොත පෙරළුණා
ඇඟිලි ගණිමින් හෙටට 
සෙමින් කල් ගෙවෙන්නා

සෑම මව්පිය හදක 
නැගෙන වේදනාවන්
සෙනෙහෙබර දූ පුතුන් 
හැර යාම විනා අන්





No comments:

Post a Comment